ඔබේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන සන්නිවේදන කුසලතා
ඔබ ඉගෙන ගන්නා දේ
- ක්‍රියාකාරී සවන්දීම – සවන්දීමේ කුසලතා වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග, සංවේදනයේ වැදගත්කම අවබෝධ කර ගැනීම සහ සංවාද වලට ප්‍රතිචාර දැක්වීම.
- ලිඛිත සන්නිවේදනය – පැහැදිලි, සංක්ෂ්පිත සහ වෘත්තීමය ආකාරයෙන් ඊමේල්, වාර්තා සහ ව්‍යාපාරික ලිපි වැනි ලිඛිත සන්නිවේදන මාධ්‍යයන් ලිවීමේ පුහුණුව.
- අන්තර් පුද්ගල සබදතා – සබදතා ගොඩ නගා ගැනීම, සබදතා කළමනාකරණය කිරීම සහ විවිධ ව්‍යාපාර සැකසුම් වල සමාජ ගතිකත්වය සඳහා මග පෙන්වීම.
- ඉදිරිපත් කිරීමෙ කුසලතා – ආකර්ශණීය ඉදිරිපත් කිරීම සහ සකස් කිරීම සදහා ශිල්පීය ක්‍රම ඇතුලුව අන්තර්ගතය ව්‍යුහගත කිරීම සහ දෘශ්‍ය ආධාරක ඵලදායී ලෙස භාවිතා කිරීම සහ චිත්තවේග කළමනාකරණය.
පාඨමාලාව හැදින්වීම
ඔබේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය වන සන්නිවේදන කුසලතා” යනු ඩීපී එඩියුකේෂන් මගින් පිරිනමන වටිනා පාඨමාලාවකි. මෙමගින් ව්‍යාපාරික සන්දර්භයන්ට ගැලපෙන ඵලදායී සන්නිවේදන උපාය මාර්ග පිළිබද අවධාරණය කරයි. සහභාගී වන පුද්ගලයන් අන්තර් පුද්ගල සන්නිවේදනය, වෘත්තීයමය ලිවීම සහ ඉදිරිපත්කිරීමේ කුසලතා පිලිබද ප්‍රධාන ක්‍රම ශිල්ප ඉගෙන ගනී. පාඨමාලාව අවසානයේ සිසුන්ගේ කුසලතාව පිලිබද සහතික කරමින් ඩීපී එඩියුකේෂන් මඟින්සහතිකයක් පිරි නමනු ලැබේ. මෙම සහතිකය ඔවුන්ගේ වෘත්තීය විශ්වාසනීයත්වය වැඩි දියුණු කරමින් වෘත්තීය සාර්තකත්වයට දායක වේ. මෙම පාඨමාලාව ඩීපී එඩියුකේෂන් මගින් නොමිලේ පිරිනමන නිසා මූල්‍යමය බාධාවකින් තොරව පුද්ගලයන්ට තම සන්නිවේදන හැකියාවන් ඉහළ නංවා ගත හැකිය.
මෙම පාඨමාලාව කා සදහාද?
පැහැදිලි සහ ඵලදායී සන්නිවේදන උපාය මාර්ග හරහා ඵලදායී සහයෝගීතාවයක් ඇති කිරීම, ගැටුම් නිරාකරණය කිරීම සහ සංවිධානාත්මක සාර්ථකත්වය ලබා ගැනීමට මෙම කුසලතා ඉතා වැදගත් වේ.