අපි ගැන
මානව හැකියාවන් සවිබල ගැන්වීම ; අපගේ දැක්ම වන්නේ නව්‍ය ඩිජිටල් ඉගෙනුම් සහ ඉගැන්වීමේ අත්දැකීම් හරහා මානව හැකියාවන් වර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීමයි.
Data Science Learning Hub යනු රුහුණ විශ්වවිද්‍යාලයීය අලෙවි කළමනාකරණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ ප්රමුඛ පෙලේ Data Science අධ්‍යාපන වේදිකාවකි. SAP University Alliance වැඩසටහනට අනුබද්ධව, Data Science Learning Hub විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම Data Science ඩිප්ලෝමාව සාර්ථකව වසර ගණනාවක් පුරා ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ තාක්ෂණ මූලික සමාජයක් ගොඩනැගීමේ අරමුණින්, ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් විසින් Data Science සඳහා මාර්ගගත සහතික ක්රමමාලාවන් ආරම්භ කිරීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. මෙම ව්‍යාපෘතිය, රුහුණ විශ්වවිද්‍යාලයීය අලෙවි කළමනාකරණ දෙපාර්තමේන්තුවේ Data Science Learning Hub සමඟ එකමුතුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි පරම්පරාවේ කාර්ය බලකාය ශක්තිමත් කිරීමේ අරමුණෙන් පිහිටුවා තිබේ.
මෙම හවුල්කාරිත්වය හරහා, රුහුණ විශ්වවිද්‍යාලයීය අලෙවි කළමනාකරණ දෙපාර්තමේන්තුවේ Data Science Learning Hub සහ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් එක්ව ශ්‍රී ලංකාවේ තාක්ෂණ මූලික සමාජයක් ගොඩනැගීමේ ජාතික සැලැස්මට අනුකූලව සම්පූර්ණ Data Science විෂය මාලා හතක් මාර්ගගත සහතික පාඨමාලා ලෙස සංවර්ධනය කර ඇත. SAP University Alliance වැඩසටහනට අනුබද්ධව ගොඩ නගා ඇති මේ පාඨමාලා, Data Science සමගින් වෘත්තීය ජීවිතය ගොඩනැගීමට කැමති පුද්ගලයන් සඳහා වටිනා ඉගෙනුම් අවස්ථාවක් වේ. ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් ලෙස සාමාන්‍ය පෙළ විභාගය හෝ සමාන සුදුසුකමක් අවසන් කළ තිබීම අනිවාර්ය වේ.
මෙම සහතික පාඨමාලා හත ක්‍රියාකාරී (Functional), තාක්ෂණික (Technical), සහ BASIS යන අදියර තුනකින් සමන්විත වේ, එසේම එය පදනම් (Foundation), සහතිකය (Certificate), සහ උසස් සහතිකය (Advanced Certificate) ලෙස මට්ටම් තුනකින් ක්‍රියාත්මක වේ. එක් එක් විශේෂිත පාඨමාලාවන්, අධ්යයනකරුගේ දැනුම, කුසලතා, සහ ආකල්ප මට්ටම් ආවරණය වන පරිදි, ඔහුගේ අධ්‍යාපන පැතිකඩට අනුව සංවර්ධනය කර ඇත.

