කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම
ඔබ ඉගෙන ගන්නා දේ
- පුද්ගලික සනීපාරක්ෂක පිළිවෙත්: නිසි පරිදි දෑත් සේදීමේ ක්‍රම අවධාරණය කිරීම, දෑත් පිරිසිදු කිරීමට සනීපාරක්ෂක භාවිතය, සහ හොඳ ශ්වසන ආචාර විධි පවත්වා ගැනීම (කැස්ස සහ කිවිසුම් ආවරණය කිරීම).
- භෞතික දුරස්ථභාවය: වෛරසය පැතිරීම අඩු කිරීමට අවම වශයෙන් අඩි 6 ක දුරක් පවත්වා ගැනීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම.
- මුහුණු ආවරණ භාවිතය: දේශීය රෙගුලාසි සහ සේවා ස්ථාන ප්‍රතිපත්ති මත පදනම්ව අවශ්‍ය ස්තානවලදි නිසි පරිදි මුහුණු ආවරණ වන ආකාරයට මුහුණු ආවරණ පැළඳීම පිළිබඳ මාර්ගෝපදේශ.
- පිරිසිදු කිරීම සහ විෂබීජ නාශක: පිරිසිදු කරන්නන් ලවා නිතිපතා පිරිසිදු කිරීම සහ ස්පර්ශ පෘෂ්ඨයන් සහ සේවා ස්ථාන (shared spaces) විෂබීජහරණය කිරීම සඳහා වන ක්‍රියා ප්‍රතිපත්ති.
- රෝග ලක්ෂණ නිරීක්ෂණය සහ වාර්තා කිරීම: COVID-19 රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත් කිරීම, සේවකයින් හෝ සහභාගිවන්නන් අතර රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීම සදහා ක්‍රියා පටිපාටි සහ වාර්තා කිරීම සඳහා සහ සැක සහිත අවස්තා වලට ප්‍රතිචාර දැක්වීම උදෙසා වන ක්‍රියා මාර්ග.
පාඨමාලාව හැදින්වීම
COVID-19 Safety” යනු ඩීපී එඩියුකේෂන් විසින් පිරිනමනු ලබන විශේෂිත පාඨමාලාවක් වන අතර, එය විවිධ ආකාරයෙන් පැතිරීම අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය ආරක්ෂක පියවර පිළිබදව පුද්ගලයන් දැනුවත් කිරීම සඳහා නිර්මාණය කර ඇත. මෙය නිසි දෑත් සනීපාරක්ෂාව, සමාජ දුරස්ථභාවය උදෙසා වන ක්‍රියා මාර්ග, මුව ආවරාණ පැළඳීමේ ආචාර විධි, සහ සනීපාරක්ෂක පිළිවෙත් වැනි මාතෘකා ආවරණය කරයි. මෙම පාඨමාලාව මගින් සහභාගී වන්නන් දැනුමෙන් සහ COVID-19 ආරක්ෂක මාර්ගෝපදේශ පිළීපැදීමට සහ ඒවාට අනුගත වීමට හුරු කරයි. පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු සහභාගී වන්නන් හට වසංගතය මධ්‍යයේ සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දීමට කැපවීම වෙනුවෙන් සහාතිකයක් හිමි වේ.
මෙම පාඨමාලාව කා සදහාද?
සම්බන්ධ සියලු දෙනාට ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ප්‍රවර්ධනය කරමින් COVID-19 විවිධ ආකාරයෙන් සම්ප්‍රේෂණය වීමේ අවධානම අවම කිරීම සඳහා පුද්ගලයන්ට ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග කෙරෙහි මෙම කරුණු මගින් අවධානය යොමු කරයි.