විද්‍යාත්මක වෙල්ඩින් ශිල්පය (පෑස්සුම් ශිල්පය) පිලිබද සහතික වැඩසටහන
ඔබ ඉගෙන ගන්නා දේ
- වෙල්ඩින් කිරීමේ මූලික කරුණු – වෙල්ඩින් ශිල්පයේ මූලධර්ම, ක්‍රියාවලිය සහ ආරක්ෂිත පිළිවෙත් පිළිබදව පුළුල් අවබෝධය.
- දියුණු(උසස්) වෙල්ඩින් ශිල්පීය ක්‍රම – MIG ( Metal Inert Gas – ලෝහ නිෂ්ක්‍රීය වායුව), TIG (Tungsten Inert Gas – ටංස්ටන් නිෂ්ක්‍රීය වායුව) සහ ARC වෙල්ඩින් ක්‍රමය වැනි විවිධ වෙල්ඩින් ශිල්පීය ක්‍රම පිළිබදව ප්‍රවීණත්වය.
- ද්‍රව්‍යමය ගුණාංග – විවිධ ලෝහ පිලිබද දැනුම සහ ඒවායේ ගුණාංග සහ ඒවා වෙල්ඩින් ක්‍රියාවලීන්(පෑස්සීමේ ක්‍රියාවලීන්) සහ ප්රතිඵලයන් සදහා බලපාන ආකාරය.
- Blueprint Reading (සැලැස්ම කියවීම) – වෙල්ඩින් ව්‍යාපෘති වලට අදාල තාක්ෂණික චිත්‍ර නිර්මාණ (technical drawings) සහ සැලසුම් (Blueprints) වල අර්ථ නිරූපණය කිරීම.
- ගුණාත්මකභාවය තහවුරු කිරීම – වෙල්ඩින් පරික්ෂා කිරීම සදහා තාක්ෂණික ක්‍රම, කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම සහ වෙල්ඩින්(පෑස්සුම්) ගැටලු නිරාකරණය කිරීම.
පාඨමාලාව හැදින්වීම
විද්‍යාත්මක වෙල්ඩින් ශිල්පය (පෑස්සුම් ශිල්පය) පිලිබද සහතික වැඩසටහන” ඩීපී එඩියුකේෂන් මඟින් වෙල්ඩින් ශීල්පය(පෑස්සුම් ශිල්පයේ) ප්‍රවීන ලෙස ඉගැන්වීම සදහා නිමාණය කර ඇති පාඨමාලාවකි. සහභාගී වන්නන්ට උසස් පෑස්සුම් ක්‍රම ශිල්ප සහ පෑස්සීමේ විවිධ භූමිකාවන් පිලිබදව ඉගෙන ගැනීමේ හැකියාව පවතියි. පාඨමාලාව අවසානයේ සිසුන්ගේ කුසලතාව පිලිබද සහතික කරමින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය වැඩි දියුණු කරගැනීම උදෙසා වටිනා සහතිකයක් පිරිනැමේ.
මෙම පාඨමාලාව කා සඳහාද?
මෙම සහතික පාඨමාලාවට සම්බන්ධ වන්නන්ට නිශ්පාදන, ඉදිකීරීම් සහ ඉංජීනේරු වැනි කර්මාන්ත සදහා අවශ්‍ය වන වෙල්ඩින් කුසලතා පිලිබදව ප්‍රායෝගික අත්දැකීම් සහ න්‍යායාත්මක දැනුම ලබා ගත හැකි වේ.