ඊමේල් නිපුණතා
ඔබ ඉගෙන ගන්නා දේ
- ව්‍යුහය සහ ආකෘතිය: පැහැදිලි මාතෘකා, සුභ පැතීම්, ප්‍රධාන අන්තර්ගතය සහ සුදුසු පරිදි අවසන් කිරීම සමඟ තාර්කිකව ඊමේල් සංවිධානය කිරීම සඳහා මාර්ගෝපදේශ.
- පැහැදිලි භාවය සහ සංක්ෂිප්ත බව: ඉක්මන් ප්‍රතිචාර ලබා ගැනීම සහ අවබෝධකර ගැනීම උදෙසා පැහැදිළිව සහ සංක්ෂිප්තව පණිවිඩ යැවීමේ තාක්ෂණික ක්‍රම.
- වෘත්තීයමය ස්වභාවය: ව්‍යාපාරික සන්නිවේදනය සදහා වෘත්තීයමය ස්වභාවය සහ භාෂාව සුදුසු පරිදි පවත්වා ගැනීම පුහුණු වීම.
- ව්‍යාකරණ සහ විරාම ලකුණු: ඊමේල් වල පැහැදිලි භාවය සහ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සඳහා නිවැරදි ව්‍යාකරණ, විරාම ලකුණු සහ අක්ෂර වින්‍යාසය සඳහා නීති සහ ක්‍රමවේද.
- ආචාර විධි සහ ජාලකරණය: කාලෝචිත ප්‍රතිචාර, CC සහ BCC නිසි ලෙස භාවිතා කිරීම සහ රහස්‍යභාවයට ගරු කිරීම ඇතුළුව විද්‍යුත් තැපැල් ආචාර විධි අවබෝධ කර ගැනීම.
පාඨමාලා විස්තරය
“Email Skills හෙවත් ඊමේල් නිපුණතා” යනු විද්‍යුත් තැපෑල හරහා ඵලදායී සන්නිවේදනයක් කරන ආකාරය කෙරෙහි අවධානය යොමු කරන ඩීපී එඩියුකේෂන් විසින් ගෙන එනු ලබන පාඨමාලාවකි. වෘත්තීමය, පැහැදිලි සහ සංක්ෂිප්ත පණිවිඩ සැකසීම සහ ඊමේල් ආචාර විධි වැනි අත්‍යවශ්‍ය කුසලතා ඉගෙන ගැනීමට මෙමඟින් හැකියාව සැලසේ. පාඨමාලාව අවසන් වූ පසු, සහභාගිවන්නන්ට විද්‍යුත් තැපැල් සන්නිවේදනයේ ඔවුන්ගේ ප්‍රවීණතාවය හඳුනා ගනිමින් සහතිකයක් ප්රදානය කෙරේ.
මෙම පාඨමාලාව කා සඳහාද
මෙම විද්‍යුත් තැපැල් කුසලතා ප්‍රගුණ කිරීමෙන්, පුද්ගලයන්ට ඔවුන්ගේ සන්නිවේදන කාර්යක්ෂමතාව, වෘත්තීයභාවය සහ ව්‍යාපාරික විද්‍යුත් ලිපි හුවමාරුවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකි අතර, ඔවුන්ගේ වෘත්තීය පරිසරය තුළ වඩා හොඳ සබඳතා සහ ඵලදායිතාවයට දායක විය හැක.